සෛලීය ජීව විද්‍යාව 2 - සෛල ප්ලාස්මය

සෛලයක රූප සටහනක්



අපි දැන් ප්‍රාක් ප්ලාස්මයේ කොටස් එකින් එක බලමු. මුලින්ම අවධානය යොමු කරන්නේ සෛල ප්ලාස්මයටයි. සෛල ප්ලාස්මය යනු ප්ලාස්ම පටලයට ඇතුලතින් පිහිටි ජලීය කොටසයි. න්‍යෂ්ටිය සහ අනෙකුත් ඉන්ද්‍රියිකා මෙහි ගිලී පවතී.

මෙහි තෙත් බර අනුව සුලබම සංයෝගය ජලය වේ. වියළි බර අනුව සුලබම සංයෝගය වන්නේ ප්‍රෝටීනයි.


සෛල ප්ලාස්මයේ භෞතික ගුණ
  1. අවර්ණ සහ පාරදෘශ්‍ය වේ (colourless & amp ; transparent).
  2. කණිකාමය වේ. එනම් එහි විවිධ කුඩා කොටස් (particles) දියවී ඇත.
  3. දුස්‍රාවී (viscous) වේ. එනම් උකු සහ ගලා යා හැකිය.
  4. ප්‍රාක් ප්ලාස්මීය වක්සරණය දක්වයි. එනම් සෛල ප්ලාස්මය රිද්මයානුකූලව සංසරණය වේ.
සෛල ප්ලාස්මය තුළ එකිනෙකට වෙනස් ජෛවරසායනික ප්‍රතික්‍රියා (biochemical reactions) රාශියක් සිදුවේ.
  • ශ්වසනය (cellular respiration)
  • ප්‍රභාසංස්ලේෂණය (photosynthesis)
  • ප්‍රෝටීන සංස්ලේෂණය (protein synthesis)
මින් කිහිපයක් පමණි.


මෙවිට ප්‍රධාන ගැටලුවක් පැන නැගේ. එක් ප්‍රතික්‍රියාවක් සඳහා සහභාගි වන ප්‍රතික්‍රියක හෝ එහි ඵල තවත් ප්‍රතික්‍රියාවක් සඳහා සහභාගි වන ප්‍රතික්‍රියක හෝ එහි ඵල සමග ක්‍රියාකර ප්‍රතික්‍රියා දෙකටම බාධා සිදුවිය හැකිය. සෛල ප්ලාස්මය තුළ ප්‍රතික්‍රියා රාශියක් සිදුවන බැවින් මෙසේ වුනොත් මුලු සෛලයම අවුල් ජාලයක් බවට පත්විය හැක.

මෙය වළක්වන්නේ කෙසේද?

විවිධ ජෛවරසායනික ප්‍රතික්‍රියා බාධාවකින් තොරව සිදුවීමට ඒවා සෛල ප්ලාස්මයේ විශේෂණය වූ ප්‍රදේශ වලට සීමා වී ඇත (compartmentalization). මෙම විශේෂණය වූ ප්‍රදේශ ඉන්ද්‍රියිකා (organelles) නමින් හැඳින්වේ.


සෛල ප්ලාස්මයේ ඇති ඉන්ද්‍රියිකා සහ ඒවායේ කාර්යයන්
  • මයිටකොන්ඩ්‍රියා (mitochondria) - සෛලීය ශ්වසනය හා ශක්තිය නිපදවීම
  • හරිතලව (chloroplasts) - ආහාර නිපදවීම
  • පිෂ්ටලව (amyloplasts) - පිෂ්ටය ගබඩා කිරීම
  • රයිබසෝම (ribosomes) - ප්‍රෝටීන සංස්ලේෂණය
  • න්‍යෂ්ටිය (nucleus) - ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීම සහ සෛලයේ කාර්යයන් පාලනය කිරීම
  • ලයිසොසෝම (lisosomes) - ජීරක එන්සයිම ගබඩා කිරීම
  • පක්ෂ්ම සහ කෂිකා (cilia & flagella) - සෛලීය චලනයට ආධාර වීම
  • අන්තඃප්ලාස්ම ජාලිකා (endoplasmic reticulum) - සෛලය තුළ ලිපිඩ සහ ප්‍රෝටීන අභ්‍යන්තරව පරිවහනය කිරීම
  • ගොල්ජි දේහ (golgi bodies) - සෛලීය ස්‍රාවයන් සංස්ලේෂණය සහ ඇසිරීම

 References :-

  • Advanced Level Biology notes - Dr. Upali C. Withanage

6 comments:

Anonymous said...

කියලා වැඩක් නෑ එලම එල වැඩක් දිගටම කරගෙන යන්න.
බූඩි දැනුයි දැක්කේ හොද වැඩක්. පොඩි කාලේ සා.පෙ. වලට පස්සේ මේ සෙල් එකක් දැක්කමයි. බූඩි මෙච්චර ගැඹුරට ඉගෙන ගත්තේ නැතත්, ටිකක් තේරුම් ගන්න පුලුවන්.

BLOG ගඩොල් said...

බූඩි - සාමාන්‍ය පෙළ බයෝ දැනුම විතරක් තියෙන කෙනෙකුට වුණත් රස විඳින්න පුලුවන් වෙන්න තමයි අනාගතයේදී ලියන්නේ සහෝ! ගොඩක් ස්තුතියි...

- said...

නියමයි අයියේ! මේ බ්ලොග් එකම ඔයා මීට කලින් කළා කියලා ආරංචියකුත් ආවා! ඇත්තටම හුගක් වැදගත්.

Bindi said...

ආයිමත් ඉස්කෝලේ ගියා වගේ . මමත් කැමතියි ආයේ මේවා කියවන්න

BLOG ගඩොල් said...

කතන්දර මාමා
බින්දි

ගොඩක් ස්තුතියි අදහස් වලට

මාධව විදුරංග said...

ම්ම්ම්!සාමාන්‍ය දැනීමට උනත් වැදගත්!

Post a Comment

ඔබගේ අදහස් ඉතා අගය කර සලකමි.