ජීව විද්‍යාත්මක පටල - Biological Membranes




සජීවී ප්‍රාක් ප්ලාස්මයේ අනෙකුත් කොටස් ආවරණය වී ඇත්තේ සෛල ප්ලාස්ම පටලයෙනි. එමෙන්ම ඇතැම් ඉන්ද්‍රියිකාද (organelles) , ඉන්ද්‍රියිකා ප්ලාස්ම පටලයකින් ආවරණය වී ඇත. පොදුවේ ගත් විට මෙම දෙවර්ගයම එකම සංවිධානාත්මක රටාවක් පෙන්නුම් කරයි. (ඉන්ද්‍රියිකාවෙන් ඉන්ද්‍රියිකාවට මෙම සංවිධානාත්මක රටාව සුලු වශයෙන් වෙනස් වේ). එමනිසා මේවා ජීව විද්‍යාත්මක පටල (biological membranes) ලෙස පොදුවේ හැදින්වේ. (ඉහත රූපය බලන්න)

ජීව විද්‍යාත්මක පටලවල අන්තර්ගතය
  1. ලිපිඩ (lipids) (ප්‍රධාන)
  2. ප්‍රෝටීන (proteins)
  3. කාබෝහයිඩ්‍රේට (carbohydrates) (සුලු වශයෙනි)
ජීව විද්‍යාත්මක පටලවල අන්තර්ගතය ප්‍රධාන වශයෙන් ලිපිවේ. එමනිසා මෙහිදී අපි ප්‍රධාන වශයෙන් ලිපිඩ ගැන කතා කරමු. ජීව විද්‍යාත්මක පටලවලදී අපට ලිපිඩ වර්ග 3 ක් හමුවේ.

ෆොස්ෆොලිපිඩ (phospholipids) 
ෆොස්ෆැටිඩිල්කෝලීන් (phosphatidylcholine), ෆොස්ෆැටිඩිල්සෙරීන් (phosphatidylserine), ෆොස්ෆැටිඩිල්එතනෝල්ඇමීන් (phosphatidylethanolamine) ආදිය
 
ස්ෆින්ගොලිපිඩ (sphingolipids)   
ස්ෆින්ගොමයලීන් (sphingomyelin) ආදිය

කොලෙස්ටෙරෝල් (cholesterol)

පහත රූපයේ ආකාරයට ෆොස්ෆොලිපිඩ එක්වී ස්ථර 2ක් (lipid bilayer) සායි. ස්ෆින්ගොලිපිඩ සුලු ප්‍රමාණයක්ද මේ අතර ඇත.

 
ෆොස්ෆොලිපිඩ සහ ස්ෆින්ගොලිපිඩ වල ජලකාමී ධ්‍රැවීය හිසක් (hydrophilic polar head) (රතු පාට) සහ ජලභීතික නිර්ධ්‍රැවීය වලිගයක් (hydrophobic non-polar tail) ඇත. ඉහත සැකැස්ම මගින් ජලකාමී ධ්‍රැවීය හිස ධ්‍රැවීය ජලය සමග ප්‍රතික්‍රියා කරන අතර (සෛලයෙන් ඇතුළත හා පිටත) ජලභීතික නිර්ධ්‍රැවීය වලිග ජලභීතික අන්තර්ක්‍රියා (hydrophobic interactions) මගින් එකට ප්‍රතික්‍රියා කරයි. 

එමනිසා ඉහත සැකැස්ම මගින් ධ්‍රැවීය හෝ අයනික සංයෝග වලට සෛලයෙන් හෝ ඉන්ද්‍රියිකාවෙන් ඇතුළට හෝ පිටට ගමන් කිරීම වළක්වයි. මෙසේ වන්නේ ධ්‍රැවීය හෝ අයනික සංයෝග වලට නිර්ධ්‍රැවීය කොටසක් හරහා යාමට විශාල ශක්තියක් වැයවන බැවිනි (highly energy consuming process).

නමුත්
ෆොස්ෆොලිපිඩ සහ ස්ෆින්ගොලිපිඩ අණු නිතරම චලනය වෙමින් පවතින ගලා යන සුලු අණුය. එමනිසා ඉහත සැකැස්ම අස්ථායී වේ. මෙය වැළැක්වීමට කොලෙස්ටෙරෝල් අණු සහ ප්‍රෝටීන ෆොස්ෆොලිපිඩ සහ ස්ෆින්ගොලිපිඩ අණු අතර ගිලී පහත රූපයේ ආකාරයට ඇත.



මෙසේ කොලෙස්ටෙරෝල් අණු සහ ප්‍රෝටීන පැවතීමෙන් සෛලයට වාසි රැසක් සැලසේ.
  1. ජීව විද්‍යාත්මක පටලවල ස්ථායීතාවය වාඩිවේ.
  2. පටලවල ද්‍රවාංකය වැඩිවේ
  3. පටලවල හිමාංකය අඩුවේ
මේ අනුව කොලෙස්ටෙරෝල් ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂකයක් වන අතර එය භයානක වන්නේ ඹ්නෑවට වඩා ලබාගත් විටදීය.ජීව විද්‍යාත්මක පටලවල අන්තර්ගත ප්‍රෝටීන සහ කාබෝහයිඩ්‍රේට සහ ජීව විද්‍යාත්මක පටලවල කාර්යයන් පිළිබද මීලග ළිපියෙන් අවධානය යොමු කරමු.


References :-
  • 1st year Cell Biology notes - Dr. Anil Jayasekara, University of Colombo.
  • Molecular Cell Biology 5th Edition - Harvey Lodish

6 comments:

Gihan Sandaru said...

ඇත්තටම බොම ඉස්තුති වන්ත වෙනවා ඔන්න මේ කරන හොඳ වැඩේ ට
ගඩොලෙන් ගඩොල බයෝ දැනුම දියුණු කරන්නට වාසනාව ලැබේවා
ජය පතමි ...!

හා පැටික්කි (MS) said...

ආයෙමත් ඇවිත් අළුතින් මටත් නොකියම................!

හනේ හපොයි වෙරිපිකේසන් අයින් කරලා නැහැනේ.

Anonymous said...

අානේ කෝබයොලොජි! :D මතක් වෙද්දිත් අාතල්! :D :) <3

BLOG ගඩොල් said...

තනි අලියා
ගිහාන්

බොහොම ස්තුතියි යාලුවනේ

හාවි - බොහොම ස්තුතියි නංගි. වෙරිෆිකේෂන් අයින් කළා. ඉස්සර ලියපු බ්ලොග් එක බලන්නනං ඔයා විතරනේ ආවේ. මතකද?

Unknown said...

මා උසස්පෙල හැදෑරූවේ ජීව විද්‍යාව නමුත්, සමහර කරුණූ දැන් අමතක වී යයි. එය නැවත සිහි ගැන්වීමට ඔබේ මේ ලිපි ඉතා වැදගත්.

මාධව විදුරංග said...

මෙන්න යකෝ පූසා ඇවිත් මයික්‍රොබයලොජි ලියනවා! පට්ට පට්ට! 2018 න් පස්සෙ ආයේ බ්ලොග් ගඩොල් ලියවිලා නෑ මා හිතේ!

Post a Comment

ඔබගේ අදහස් ඉතා අගය කර සලකමි.