සෛලීය ජීව විද්‍යාව - Cell Biology

(red blood cells)

රොබට් හුක් විසින් මුලින්ම නිරීක්ෂණය කළ සෛලය, ජීවීන්ගේ ව්‍යුහමය (structural) සහ කෘත්‍යමය (functional) ඒකකය බව ඔබ ඇතැම් විට අසා ඇති. නමුත් එසේ පවසන්නේ ඇයි?

ඒක සෛලික (unicellular) මෙන්ම බහු සෛලික (multicellular) ජීවීන්ද තැනී ඇත්තේ සෛල වලිනි. බහු සෛලික ජීවීන්ගේ නම් සෛල, පටක (tissues) හා පද්ධති (systems) බවටද ඒකරාශි වී ඇත. මේ අනුව පෙනෙන්නේ ජීවන් තැනී ඇති මූලික තැනුම් ඒකකය සෛලය බවයි. එනම් ජීවීන්ගේ ව්‍යුහමය ඒකකය සෛලය විය යුතුය.

ජීවීන්ට දැක්විය හැකි, අප කලින් ලිපියේ විස්තර කළ ජීවයේ ලක්ෂණ සියල්ලම තනි සෛලයකට පෙන්විය හැකිය. එසේ පෙන්විය හැකි කුඩාම ජීවී කොටසද සෛලයයි. එමනිසා සෛලය යනු ජීවීන්ගේ කෘත්‍යමය ඒකකය බව පැහැදිලි වේ.


සෛලයේ ප්‍රමාණය,හැඩය සහ ආයු කාලය

විවිධ සෛල වලට නිශ්චිත හැඩයක් හෝ ප්‍රමාණයක් පැනවිය නොහැක. බොහෝ විට එකම වර්ගයේ සෛල සමාන ප්‍රමාණයක් සහ හැඩයක් ගන්නා අතර වෙනස් වර්ග වල සෛල වෙනස් ප්‍රමාණ සහ හැඩ ගනී. වෙනස් වර්ග වල සෛලව ආයු කාලයන්ද එකිනෙකට අසමානය.



(smooth muscle cells on left & a nerve cell on right show the different shapes of the cells)









සෛල කුඩා වීමට හේතු

වෙනස් වර්ග වල සෛල වෙනස් ප්‍රමාණ ගත්තද, සාමාන්‍යයෙන් ඕනෑම සෛලයක් කුඩාය. මීට හේතුව සෛලයක් කුඩා වන විට එහි "වර්ගඵලය/පරිමාව (Area/Volume)" අගය වැඩි වීමයි. එවිට
  1. සෛලය තුළට ද්‍රව්‍ය ලබා ගැනීම
  2. සෛලයෙන් ඉවතට ද්‍රව්‍ය බැහැර කිරීම
  3. න්‍යෂ්ටිය මගින් සෛලය පාලනය
යන ජීව ක්‍රියාවලි ඉතා කාර්යක්ෂමව සිදුවේ.

ශාක සෛලයක හරස්කඩක්


සාමාන්‍ය සෛලයක් ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදා වෙන් කළ හැකිය.
  1. සජීවී ප්‍රාක් ප්ලාස්මය (protoplasm)
  2. අජීවී සෛල ආවරණය
  3. අජීවී සෛල ද්‍රව්‍ය
සජීවී ප්‍රාක් ප්ලාස්මයට අයත් වන්නේ
  • න්‍යෂ්ටිය (nucleus)
  • සෛල ප්ලාස්මය (cytoplasm) සහ
  • ප්ලාස්ම පටලයයි. (plasma membrane)
අජීවී සෛල ආවරණය යනු සජීවී ප්‍රාක් ප්ලාස්මයට පිටතින් ඇති ආවරණයයි.මෙය ඇතැම් විට සෛල බිත්තියක් (cell wall) ලෙස සංවිධානය වී ඇත.

අජීවී සෛල ද්‍රව්‍ය යනු සෛල ප්ලාස්මය තුළ ගිලී ඇති
  • පිෂ්ට කණිකා (amyloplasts)
  • ලිපිඩ කණිකා ආදියයි.


References :-
  1. GCE Advanced Level Biology notes - Dr. Upali C. Withanage
  2. 1st year Cell Biology notes - Dr. Anil Jayasekara, University of Colombo.
  3. http://en.wikipedia.org/

10 comments:

ItalyDilan said...

පූසාලා උනුසුම් සුභ පැතුම් අලුත් බ්ලොග් එකට,,ආයේ උ/පෙ මතක් උනා මට... ආයේ මතක් උනා පාඩමත්...දිගටම මේ බ්ලොග් එකත් අපත් සමග රැදේවා කියලා ප්‍රාර්තනා කරනවා...ජයවේවා!!!!

Shenya de Silva said...

nice work :-) impressive

ChammA said...

අලුත් වැඩේට මගේ සුභ පැතුම් පුසෝ.බයෝ කියන්නේ මගේ ආසම විෂයක්..ඒ උනාට ඉතින් මට උසස් පෙළට මැත කරපු නිසා බයෝ කරන්න බැරි උනා..

හැමෝම බයෝ කියපු ගමන් අපෝ තේරෙන්නේ නැහැ බ්ලා බ්ලා නේ කියන්නේ...ඒත් සරලව / හැමෝටම තේරෙන්න කිව්වොත් වැඩේ සාර්ථක වෙයි...

ඔන්න එහෙනම් වැඩේට මගෙනුත් සුභ පැතුම් :)

Chiran මල්ලි said...

නියම ලිපිය අයියේ!අපි වගේ කොල්ලොන්ට ගොඩාක් වටිනවා!දිගටම ලියන්න

blog gadol said...

මේ ලිපියනං කට්ටියට එච්චර අවබෝධ වෙන එකක් නෑ. මොකද මේ මගේ පරණ බ්ලොග් එකෙන් ගෙඩි පිටින් උස්සලා දාපු ඒවා.

අලුතින් ලියන්න පටන් ගත්තාම හැමෝටම තේරෙන රසවත් ලිපි ලියන්න පොරොන්දු වෙනවා. ගොඩක් ස්තුතියි යාලුවනේ.

" මාධව - மாதவ - Madhawa " said...

niyamai puusooo! ela ela! onna apith + una! mm digatama wadee karanna! :)

hare :-) said...

නියමයි! මේ වගේ විෂයානුබද්ධ බ්ලොග් තමයි අපට නැත්තෙ. දිගටම කරගෙන යන්න සුභ පතනවා

කලින් ලිපියෙන් කතා කලා කියපු ජීවයේ මූලික අංග ගැනත් ලියලම ඉමු නේද...?

bckurera said...

ලේසියෙන් තේරුම්ගන්න සිංහලෙන් දන්න එල එල ජයවේවා

blog gadol said...

මාධව
හරේ
බීසීකුරේරා

බොහොම ස්තුතියි යාලුවනේ. මේ සයිට් එක කොහොමත් සරල සිංහලෙන් කරන්න තමයි අදහස.

" මාධව - மாதவ - Madhawa " said...

නියමයි බං! මෙහෙම සරල පිංහලෙන් දෙන එක ඇත්තටම ගොඩක් වටිනවා! අපිට සිංහලලෙන් මේ ගැන ලියවුනු පොත් පත් හරි අඩුයි! ඇත්තටම හොද වැඩක් පූසෝ! දිගටම ලියන්න! අපිටත් පුලුවන් උදව්වක් දෙන්න විදියක් තියනවනම් කියන්න!

විෂය කරුණු හොයලා දෙන වැඩ වගේ ඒවා! (හැබැයි මං දන්නේ ක්‍රියා කාරී සත්වයා විතරයි - මං ඒකට විතරයි බයෝ ක්ලාස් එකේ හිටියේ! අනික් ඒවට මං මැත්ස්නේ බං කලේ! හිකි හිකි!!)

Post a Comment

ඔබගේ අදහස් ඉතා අගය කර සලකමි.